නිල සෙවණ කාර්යාල තුනක් ජනතා අයිතියට පත් කිරීම හෙට (15)

Share Button

මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල තුනක් හෙට  (15)  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම කාර්යාල මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යාලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ස්ථාපිත කර ඇත.

ග්‍රාම නිලධාරී , කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර , සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරී යන නිලධාරීන් සිව්දෙනාගේම සේවය එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම කාර්යාල ඉදි කොට ඇති අතර , ඒ තුළින් ජනතාවට තම රාජකාරී අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව  ලැබේ.

මහනුවර දිස්ත්‍රික්කය තුළ නිල සෙවණ කාර්යල 70 ක් ඉදි කිරීම සදහා රජය මගින් මුදල් වෙන් කොට තිබෙන අතර  , එයින් නිල සෙවණ කාර්යාල 25 ක මේ වන විට වැඩ නිම කර ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *