කොටස් දෙකකට දුන් මහපොල මුදල් එකවර ලබාදීමට පියවර

Share Button

මහපොල ශීෂ්‍යාධාර ගෙවීමට අදාළ නව චක්‍රලේඛය විශ්ව විද්‍යාලය වෙත අද (14) යොමුකරන බව මහපොල ශීෂ්‍යත්ව භාරකාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.

මෙතෙක් සිසුන්ට මහපොල ශීෂ්‍යත්වය යටතේ රජය මගින් ගෙවනු ලැබු රුපියල් 2450 ක මුදල විශ්ව විද්‍යාලය මගින් ගෙවනු ලැබීය.මහපොල භාරකාර අරමුදලෙන් තවත් රුපියල් 2550 ක් එම සිසුන්ට ලබාදුන්නේය. මුදල් කොටස් දෙකකට ගෙවීම නිසා සිසුන්ට අවස්ථා දෙකකදී අදාළ මුදල් ලබාගැනීම සිදුවිය.

නව චක්‍රලේඛය අනුව එම මුදල් ඛණ්ඩ දෙකම එක්කොට රුපියල් පන්දහසක් ලෙස එකවර ලබාදෙනු ලැබේ.

ලබන මාසයේ සිට මහපොල භාරකාර අරමුදල යටතේ සිසුන්ගේ ගිණුම්වලට ඍජුවම මුදල් බැරකෙරේ.

මාර්තු මාසයේ ශිෂ්‍යාධාර මුදල අප්‍රේල් 10 වැනිදා ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

කුසලතා ඇති සිසුවෙකුට ලබාදෙන මුදල රුපියල් පන්දහස් පනහකි. මේ වනවිට විශ්ව විද්‍යාල සිසුහු හැටදහසක්ද කාර්මික විද්‍යාලවල සිසුහු හයදහසක්ද සෙසු ආයතනවල තුන්දහසක්ද මහපොල ශීෂ්‍යාධාරය ලබති.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *