ජාතික ඒකාබද්ධතාව ගොඩනැගීමට නව මධ්‍යස්ථානයක්

Share Button

ජාතික ඒකාබද්ධතාව ගොඩනැගීම සදහා නැගෙනහිර පළාතේ මධ්‍යස්ථානයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටුවන බව දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් සිදුකළ සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා මඩකලපුවේ පැවති දිස්ත්‍රික් කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදින් අමතමින් ඔහු ඒ බව පැවසීය.

දමිළ පුද්ගලයින්ට සිංහල භාෂාව අධ්‍යයනය කිරිීමට හා සිංහල පුද්ගලයින්ට දමිළ භාෂාව අධ්‍යයනය කිරීමට එම මධ්‍යස්ථානය මගින් අවස්ථාව සලසා දෙයි. සිංහල සහ දමිළ ජාතින්ට ඔවුනොවුන් තේරුම් ගැනීමට ඇති එකම පාලම වන භාෂාව ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11