නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් හතලිස් පන්දහසකගේ ක්ෂුද්‍ර මුල්‍ය ණය හා පොලිය කපා හැරේ.

Share Button

එක්සත් ජාතික පක්‍ෂය රට බෙදෙන කිසිදු ලියවිල්ලකට අත්සන් තබා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේදී සර්වපාර්ෂික කමිටුවට ඉදිරිපත් කළ යෝජනාව ගැන අද සාකච්ඡා කරන විට එම යෝජනාව ඉදිරිපත් කළ අයම ආණ්ඩුව රට බෙදනවා යැයි කෑගසන බව වික්‍රමසිංහ මහතා සදහන් කරයි. අගමැතිවරයා මෙම අදහස් පල කළේ යාපනය වීරසිංහම් ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් හතලිස් පන්දහසක් ලබාගෙන තිබූ රුපියල් මිලියන 1400 ක ක්ෂ්ද්‍ර මුල්‍ය ණය සහ ඊට අදාල පොලි මුදල් කපාහැරීමට අදාල සහතික පත්‍ර ප්‍රදානය එහිදී සිදුවිය. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300 කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මුල්‍ය ණය කපාහැරීම සංකේතවත්ව සිදුකෙරිණ. එම අවස්ථාවට එක්වු ඇමති මංගල සමරවිර මහතා කියා සිටියේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවලින් ඉහළ පොලියට ණය ලබාගැනිම වෙනුවට රජය මගින් සපුර්ණයෙන්ම හෝ කොටසක් ලෙස පොලී ගෙවනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙසයි.

උතුරේ ජනතාවට එය අතීශය වැදගත්වනු ඇතැයි ඇමතිවරයා පැවසීය. ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නියාමනය සඳහා නව නීතිරීතිවල අවශ්‍යතාව පෙන්වා දුන් සමරවිීර මහතා නව ක්ෂුද්‍ර මුල්‍ය පනත සකස්වෙමින් පවතින බව ද කීවේය. ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පිළිබඳව ද ඇමතිවරයා මෙහිදී අදහස් දැක්වීය. එක් මැතිවරණ කොට්ටාශයක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 300 බැගින් වෙන්කර ඇතැයි ද හෙතෙම කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *