ගංගාරාම විහාරස්ථ නවම් මහා පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කරයි

Share Button

කොළඹ හුණුපිටිය . ගංගාරාම විහාරස්ථ නවම් මහා පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කරයි. සදාතුක කරඩුව හස්ති රාජායා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහබාගිත්වයෙන් සිදු කෙරේ. මෙවර පෙරහර පැවැත්වෙන්නේ 41 වන වතාවටයි. අලි ඇතුන් 45 දෙනෙකු පමණ ගමන්ගන්නා පෙරහරට විචිත්‍ර අංග රැසක් ඇතුළත්ය . ශ්‍රි ජිනරතන පාර. හුණුපිටිය වැව පාර. ඩබ්ලිව්. ඒ.ඩි. රාමනායක මාවත. නවම් මාවත . ශ්‍රි උත්තරානන්ද මාවත. පෙරහර මාවත. ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත හා ශ්‍රි ජිනරතන මාවත පෙරහරේ ගමන් මාර්ගයයි. ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගලබඩ ශ්‍රි ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වාර්ෂිකව නවම් මහා පෙරහර සංවිධාන කෙරේ. පෙරහර හෙටත් පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *