රිදියගම සෆාරි උද්‍යානයේ තවත් සත්ව කලාප 2 ක් විවෘත කෙරේ
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් විවෘත කර තිබේ.
එහි බෙංගාලි ව්යාඝ්ර කලාපය අක්කර 5 ක් වන අතර කුඩා සත්ව රාජධානිය අක්කර 4 කින් යුක්ත වේ.
සමස්ත සෆාරි උද්‍යානය අක්කර 500 කින් යුක්තයි. එහි පළමු අදියරේ දී අප්‍රිකානු සිංහ කලාපය, ශ්‍රී ලංකා අලි කලාපය ලෝක සත්ව කලාපය විවෘත විය.
ඉදිරියේ දී ශ්‍රි ලංකා දිවියන්ගේ කලාපය , ශ්‍රි ලංකා වලසුන්ගේ කලාපය ආසියානු ශාඛ භක්ෂක කලාපය , අප්‍රිකානු ශාක භක්ෂක කලාපය, ඔස්ට්‍රේලියානු ශාක භක්ෂක කලාපය , චීටා කලාපය, උරග උයන, සමනල උයන සහ දරුවන් සදහා විනෝද උයන විවෘත විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
මේ ආශ්රිත පරිසරය ප්‍රධාන ප්‍රවේශ මාර්ග ආරක්ෂක තාප්පය හා වැටවල්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය , සත්ව රෝහල, සත්ව නිරෝධායන කූඩු , සහ ජලය විදුලිබලය ආදී පහසුකම් වලින් සමන්විත වේ.