කෙටි චිත්‍රපට තරගාවලියක්

Share Button

ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සදහා කෙටි චිත්‍රපට තරගාවලියක් කැළණිය විශ්ව විද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධාන කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලැස්ම අනුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සමාජ කතිකාවක් ඇති කිරීම එහි අරමුණවී ඇත.

තරගකරුවන්ට පාසල් සහ විවෘත අංශවලින් සිංහල. දෙමළ හා ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම විනාඩි පහකට නොවැඩි කෙටි චිත්‍රපට ඊට ඉදිරිපත් කළ හැක .

මෙම තරගය සඳහා කෙටිචිත්‍රපට භාරගන්නා අවසන් දිනය 2019 මැයි 15දා ය. සියලුම නිර්මාණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශය වෙත භාරදිය යුතුය.

කෙටි චිත්‍රපට තරගාවලියට සමගාමිව ප්‍රජාතන්ත්‍රවාදය,  ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම පාසල් නියෝජනය වන පරිදි ලබන මස 15 වැනිදා සිට 25 වැනිදා දක්වා වැඩමුඵ 22 ක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *