කැලණිය නව පාලමේ ඉදිකිරීම් වලින් සියයට 30 ක වැඩ අවසන්

Share Button

කැලණිය නව පාලමේ ඉදිකිරීම් වලින් සියයට 30 ක වැඩ මේ වනවිට අවසන් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ දර්ශිකා ජයසේකර මහත්මිය පවසයි.

වසර 2020 අවසන් වන විට එහි වැඩ සම්පුර්ණ කිරීම ඉලක්කයයි. ජයිකා ණය ව්‍යාපෘතිය යටතේ මේ සදහා ජපාන යෙන් බිලියන 35 දහස් 20 ක මුදලක් වැය කෙරේ.

නව කැලණීපාලම ව්‍යාපෘතිය කොළඹ කටුනායක අධීවේගී මාර්ගයට සම්බන්ධ වේ. ඊට අමතරම අලුතින්ම කුඵණුමත ඉදිවන ඔරුගොඩවත්ත, රාජගිරිය දක්වා සහ ඉගුරුකඩේ හන්දියේ සිට කොටුව දක්වා මාර්ගවලට එය සම්බන්ධ කෙරේ.

කැලණීය නව පාලම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු දැනට ඒ අවට පවතින වාහන තදබදයට විසදුම් ලැබෙන බව ද . ජයසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *