මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුභසාධන මධ්‍යස්ථානය ජනතා අයිතියට

Share Button

මහනුවර මහරෝහලට අනුබද්ධ වකුගඩු රෝග සහන සත්කාරක හා සුභසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනතා අයිතියට පත් කෙරේ.

ජනාධිපතිතුමා ආරම්භ කළ වකුගඩු ජාතික අරමුදලෙන් රුපියල් හැට දෙකෝටි අසු ලක්ෂයක ප්‍රතිපාදන ඉදිකිරීම් සදහා වැය කෙරිණි. මහල් 7 කින් සමන්විත මධ්‍යස්ථානය සම්පුර්ණ නේවාසික පහසුකම්වලින් යුක්තය.

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක් ද මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ.

සායන හා පරීක්ෂණ මෙන්ම උපදේශන පහසුකම් ද මෙමගින් සැලසේ. මෙවැනි විශේෂ ඒකක දෙකක් අනුරාධපුරයේ හා ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල ඉදිකෙරෙමින් පවතී.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *