අ .පො. ස සාමාන්‍ය පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා අයදුම්පත් භාර ගැනේ

Share Button

අ . පො . ස සාමාන්‍ය (2019) පෙළ සිසුන්ට කල්වේලා ඇතිව ජාතික හැඳුනුම්පත්  නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ඒ සදහා අයදුම්පත් දැන් භාර ගැනේ. මාර්තු 31 ට පෙර එම අයදුම්පත්‍ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස ඔහු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක්  කරන ලදී.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර පැවැත්වීම නිසා ජාතික හැඳුනුම්පත කල්වේලා ඇතිව ලබා ගැනීම සිසුන්ට පහසුවක් වෙයි.

පසුගිය වසරේ එම වැඩපිළිවෙල සාර්ථක වු බව හෙතෙම පවසයි. වයස අවුරුදු 15 සම්පුර්ණ වු සිසුන්ට ජාතික හැඳුනුම්පත සදහා ඉල්ලුම් කළ හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *