මත්ස්‍ය ආනයනය සීමා කිරීමට සැලසුම්

Share Button

ධීවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටු කරමින් මත්ස්‍ය ආනයනය සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා තීරණය කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ දේශීය ධීවරයා සහ ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවය .

ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහල මට්ටමක පවතින සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා මෙම ආනයන සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ධීවර සංගම් ඇතුඵ කර්මාන්තයේ නිරත විවිධ පිරිස් අවස්ථා කිහිපයකදීම රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබුණේ විශාල වශයෙන් මත්ස්‍ය තොග ආනයනය කිරීම නිසා දේශීය ධීවරයා ගැටඵ රැසකට මුහුණදී සිටින බවයි.

ප්‍රතිඅපනයනය සහ විවිධ නිෂ්පාදන සදහා යැයි පවසමින් විශාල වශයෙන් මත්ස්‍ය තොග ආනයනය කෙරෙන බවත් එම මත්ස්‍ය තොග දේශීය වෙලෙදපොලේ අලෙවි කරන බවත් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෝ ඉකුත් සතියේ ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවක දී පෙන්වා දුන්හ.

එහිදි රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේ දේශීය ධීවරයා රැක ගැනීම සදහා ඔවුන් සවිබල ගන්වා අවශ්‍ය පහසුකම් ලබාදීම මගින් විදේශයන් වෙත ගලා යන විශාල මුදලක් රට තුළ රඳවා ගැනීමට හැකිවනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *