වකුගඩු රෝගීන්ගේ පැහැදිලි අඩුවක් – ජනපති

Share Button

පසුගිය කාලයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබු වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙනගිය පුඑල් වැඩපිළිවෙල නිසා ගෙවුනු වසර දෙකේදි එම රෝග ව්‍යාප්තියේ අඩුවක් දක්නට ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

මහනුවර මහ රෝහලට අනුබද්ධව ඉදිකළ වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධක මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමෙන් පසු ඊයේ ගැටඹේ ක්‍රිඩාංගනයේ පැවති ජනහමුවේ දී එතුමා මේ බව පෙන්වා දෙන ලදී .

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජය ලබාදෙන දිමනාව එම රෝගයෙන් පිඩා විඳින සැම පුද්ගලයෙකුටම ලබාදීම අත්‍යාවශ්‍ය වෙයි. ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද පුඑල් කළ යුතු යැයි ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

රජයේ මුදල් වැය නොකර පුර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ. මහල් හතකින් යුත් වකුගඩුරෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරන ඒකකයකින් හා නේවාසික පහසුකම්වලින් සමන්විත වේ.

මේ ආකාරයේ තවත් ව්‍යාපෘති දෙකක් අනුරාධපුරයේ සහ ගිරාඳුරුකෝට්ටේ ද ඉදිකෙරෙමින් පවතී. අනුරාධපුර මධ්‍යස්ථානය ලබන මාසයේදි ජනතා අයිතියට පැවරීම අපේක්ෂාවයි.

ඒ අතරම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෞරවාන්විත මාතෘ සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කෙරුණු පේරාදෙණිය රෝහලේ ළදරු ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ද ජනාධිපතිතුමා අතින් ඊයේ (25) විවෘත කෙරුණි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *