දේශිය කුළු බඩු කීපයක් සඳහා මුද්දරයක්

Share Button

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශිය කුළු බඩු වර්ග හතරක් වන කුරුඳු , ගම්මිරිස් , කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩු වල සිතුවම් ඇතුළත් රුපියල් 15 බැගින් වූ මුද්දර හතරක් අද (26) නිකුත් කෙරේ.

බත්තරමුල්ල, සුහුරුපාය, 16 වන මහලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පස්වරු 1.30 ට එම සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් එළි දැක්වීමට නියමිතය.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එස්. අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *