ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයන්ටත් දැන් රිය පැදවීමේ වරම්

Share Button

ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයන්ට ද දැන් රියදුරු බලපත්‍ර ලබාගත හැකි බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රිසිරි මහතා කියයි. ශ්‍රව්‍යාබාධිත සම්මේලනය සමග කළ සාකච්ඡාවකින් පසුව කොන්දේසි කිහිපයක් යටතේ ඔවුන්ට රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර තිබේ. ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයෙකු පදවන රථයේ පසුපස ඒ බව සදහන් කිරීම එක් කොන්දේසියකි.

පැරණි රියදුරු බලපත්‍ර ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කර සැමට සුහුරු රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මහතා පවසයි.

එම රියදුරු බලපත්‍ර හිමියන් වසර අටකට වරක් එය අලුත් කරගත යුතුය. බරවාහන රියදුරු බලපත්‍ර වසර හතරකට වරක් අලුත් කරගත යුතුය. රියදුරු බලපත්‍රයේ නම , ලිපිනය ආදි තොරතුරු වෙනස්වී ඇත්තම් එයද නිවැරදි කරගත යුතු බව ඔහු සදහන් කළේය.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සදහා වන ලිඛිත පරීක්ෂණයට පරිගනකය ඔස්සේ පෙනි සිටිමෙ අවස්ථාව වේරහැර මධ්‍යස්ථානයේ දී දැන් සලසා තිබේ. අපේක්ෂකයන්ට එම අවස්ථාවේදී ම ප්‍රතිඵල දැන ගැනීමට හැකිවීම එහි ඇති වාසියයි.

එම වැඩපිළිවෙල මේ වසර තුළ දිවයිනේ සෙසු මධ්‍යස්ථානවල ද ක්‍රියාත්මක කෙරුනු ඇත. තමන් විදේශ ගතවන බව පවසමින් ඇතැමුන් කඩිනමින් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට දෙපාර්තමේන්තුවට පැමිණෙන බව මෝටර් රථ ප්‍රවහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එහෙත්. ලිඛිත පරීක්ෂණයට පෙනි සිටිමෙන් අනතුරුව පුහුණු කාලය වන මාස තුන පසුවන තුරු කිසිසේත්ම රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව ඔහු අවධාරණය කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *