පාකිස්ථානය සමග ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ගුවන් තොටුපල 5 ක් වසා දැමේ

Share Button

පාකිස්තානය සමග ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ගුවන් තොටුපල පහක් තාවකාලිකව වසා දැමේ .ජම්මු . ශ්‍රි නගර් . චන්දිගාර්. අම්රිත්සාර් සහ ලි එම ගුවන් තොටුපල වෙයි . . කාශ්මිරයේ පුල්වාමා ප්‍රදේශයේදි ඉන්දිය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දෙරට අතර අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගිණි.

ඉන් ඉන්දිය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 දෙනෙකු ජිවිතක්ෂයට පත්විමත් සමග ඉන්දියාව. පාකිස්තානයේ ත්‍රස්ත කන්ඩායම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේය. සිය ගුවන් සිමාව ආක්‍රමණය කළ බවට පාකිස්තානය ඉන්දියාවට චෝදනා කළ අතර. පාකිස්තානයද ජෙට් යානා දෙකක් යොදා ගනිමින් අද උදෑසන ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල් කළේය. ඇති වී තිබෙන තත්ත්වය ඉන්දිය කලාකරුවන්ගේ ද දැඩි විවේචනයට ලක්ව තිබේ. දෙරට අතර සහෝදරත්වය වර්ධනය විය යුතු බවත් පවතින ගැටඵව සාමකාමිව විසදාගත යුතු බවත් ඔව්හු පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *