ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සංධානයෙන් ජනරැලි මාලාවක්

Share Button

රටේ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සන්ධානය ජනරැළි මාලාවක් ඉදිරියේදි සංවිධානය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි . කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක් වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පලමු රැළිය ලබන මස 08 වනදා මහනුවර දි පවත්වන බවයි.
මෙහිදි අදහස් දැක් වු පාර්ලිමේන්ත්‍රි මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට කටයුතු කළ යුතු බවයි. . උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බව මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සදහන් කළේය. ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරිමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතාද අවධාරණය කළේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *