සුජාත දරුවෝ නමින් නව වැඩසටහනක් – ජනපති

Share Button

නව පරපුර සහ පාසල් දරුවන් මත් උවදුරට යොමුවීම වළක්වා ගැනීම සදහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලේ තවත් සුවිශේෂි වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ වැඩසටහන ලබන 15 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් එතුමා ඒ බව පැවසීය. විෂ මත්ද්‍රව්‍ය විශ්ව විද්‍යාල සහ පාසල් දරුවන් අතරට ගෙනයාමට රට තුළ ක්‍රියාත්මක වන සුක්ෂ්ම වැඩපිළිවෙල මැඩපැවැත්වීම සදහා දැනුවත් කිරීමේ පුඵල් වැඩසටහනක් සුජාත දරුවෝ වැඩසටහන මගින් ක්‍රියාත්මක කරයි.

මෙරට විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ දෙකකට ආසන්න බව නව සංඛ්‍යා ලේඛණ අනුව පෙන්වාදී ඇති බව ජනාධිපතිතුමා පැවසීය. ඒවා වැළැක්වීමට සහ නිවාරණය කිරීමටත් ඊට අදාල නීති ශක්තිමත් කිරීමටත් රජය මේ වනවිට පුඵල් වැඩපිළිවෙලක් දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ජනාධිපතිතුමා සදහන් කළේය. මෙරට කීර්තිනාමය ලෝකය හමුවට රැගෙන යන ක්‍රිඩක-ක්‍රිඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතය සහ තහනම් උත්තේජක භාවිතයෙන් වැළකීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනය තහනම් උත්තේජක භාවිතය මැඩපැවැත්වීම සදහා ක්‍රියාත්මක වෙයි. ජනාධිපතිතුමා අතින් අද විවෘත වු රුපියල් මිලියන 190 ක වියදමින් ඉදිකර ඇති නව ගොඩනැගිල්ල මහල් පහකින් සමන්විතය. කොළඹ සුගතදාස එලිමහන් ක්‍රිඩාංගන පරිශ්‍රයේ ලොක්-ඩී හි එය ඉදිකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *