රජයේ දීප ව්‍යාප්ත සේවාවල නිලධාරින් සදහා නව උසස්වීම් ක්‍රමවේදයක්

Share Button

රජයේ දීපව්‍යාප්ත සේවාවන් හි නිලධාරීන් මුහුණපා ඇති උසස්වීම් පිළිබඳ ගැටඵ නිරාකරණය කර නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. මංගල සමරවීර සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ සංදේශයක් ලෙස පසුගිය 26 වැනිදා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

දීපව්‍යාප්ත සේවා නියෝජනය කරන වෘත්තිය සංගම් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් රාජ්‍ය යාන්ත්‍රණයේ ඵලදායිතාව හා කාර්යක්ෂ්මතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හදුන්වා දී ඇත.

ශ්‍රි ලංකා පරිපාලන .අධ්‍යාපන පරිපාලන .ක්‍රමසම්පාදන .ගණකාධිකාරී . ඉංජිනේරු . විද්‍යාත්මක .වාස්තු විද්‍යාඥ . මිනින්දෝරු . කෘෂිකාර්මික .සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ආදි දීපව්‍යාප්ත සේවාවල නිරත වන නිලධාරීන්ගේ උසස්වීම් ගැටඵ සදහා මෙහිදී සහන හිමි වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *