ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල නඩත්තු කිරීම අද සිට

Share Button

ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල නඩත්තු කිරීම අද සිට ලබන 5 වැනිදා දක්වා සිදු කරන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

එම කටයුතුවලට අවශ්‍ය පරිදි ජලාශයේ ජල මට්ටම ඉහළ නැංවීමට හා පහත දැමීමට කටයුතු කරන බව එම අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

2012 වසරේ දී ජලාශය ඉදිකිරීමෙන් පසු ජලාශයේ නඩත්තු කටයුතු වරින් වර සිදු කළද වේල්ල නඩත්තු කරන පළමු අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *