අධ්‍යාපන ක්‍රමය නවීකරණයට ලක් කරන නව ව්‍යාපෘති 200 ක් – අගමැති

Share Button

මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණයට ලක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ළගම පාසල හොඳම පාසල වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පාසල් 200 ක ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති 200 ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරිමේ උත්සවයට අද පෙරවරුවේ එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසීය.

කුලියාපිටිය නගර සභා පිටියේදි උත්සවය පැවැත්විණි. නවීන දැනුමෙන් සන්නද්ධ තරුණ පරපුරක් රට තුළ ගොඩනැංවිම එහි අවසාන ඉලක්කයයි .

සුහුරු පන්ති කාමර 200 ක් ද ස්ථාපිත කෙරේ. විද්‍යා ගුරුවරුන් බදවා ගැනිමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනංවා ජනතාවට සහන ලබාදිම රජයේ අරමුණ බවද අගමැතිවරයා පැවසිය.

දිවයිනේ පාසල් 9500 කට මේ වනවිට සියලු ප්‍රතිලාභ ලබාදී ඇතැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එහිදි පැවසිය. සුපිරි පාසල් වෙනුවට සපිරි පාසල් දරුවන්ට ලබාදිම රජයේ ඉලක්කයයි. ඒ අනුව දිවයිනේ සියලු පාසල්වලට පහසුකම් සැපයේ.

විදුහල්පතිවරුන් සදහා දෙස් විදෙස් පුහුණුව ලබා දෙයි. සියලු දරුවන් සදහා වසර 13 ක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. සෑම පාසල් දරුවෙකුටම රජයේ රක්ෂණාවරණයක් ලැබි ඇතැයි ද අධ්‍යාපන ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.

මෙම උත්සවයේ අග්‍රාමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සම්පුර්ණ කථාව ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව පස්වරු 6.30 ට ස්වදේශීය සේවය ඔස්සේ විකාශය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *