අභ්‍යාවකාශ මෙහෙයුම් අමෙරිකා – කැනඩා එක්ව

Share Button

අභ්‍යාවකාශ මෙහෙයුම් සදහා අමෙරිකාව සමග එක්ව කටයුතු කරන බව කැනඩාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලූනාර් මෙහෙයුම යටතේ නැවත මිනිසුන් සඳ මතට යැවීමට සහ ඉන් පසුව අගහරු ග්‍රහයා දක්වා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සදහා අමෙරිකාවේ නාසා ආයතනය සමග එක්වන බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා පැවසීය.

2026 වසර වන විට චන්ද්‍රයාගේ කක්ෂයේ අභ්‍යාවකාශ නැවතුම්පළක් ඉදිකිරීමට නාසා ආයතනය සැලසුම් කර ඇත. ඊට රොබෝ පද්ධතියක් නිර්මාණය කිරීමට කැනඩාව දායකත්වය ලබාදෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *