රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කේ.ඩි. ලාල්කාන්ත මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Share Button

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ ඩි. ලාල්කාන්ත මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදි ආකාශ් කුරේරා මහත්මිය අද එම නියෝගය කළාය. අනුරාධපුර ප්‍රදේශයේදි ඊයේ සිදු වු රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ලාල්කාන්ත මහතා ගමන්ගත් ක ැබ් රථය යතුරුපැදියේ ගැටිමෙන් අනතුර සිදුවිය. අනතුරින් කාන්තාවෝ දෙදෙනෙක් තුවාල ලැබුහ . බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ චෝදනාව යටතේ ලාල්කාන්ත මහතා අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *