ලෝක වනජිවි දිනය අදයි

Share Button

ලෝක වනජිවි දිනය අදයි. 2013 දෙසැම්බර් මාසයේ ජිනිවා හි පැවති එක්සත් ජාතින්ගේ 68 වන මහ සම්ාමේලනයේදී එම දිනය ප්‍රකාශයට පත් කෙරිනි. ලෝකය තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව ඇතුඵ වනිජිවින්ගේ ආරක්ෂාව සදහා ඔවුන්ගේ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණයි. ලෝක වනජිවි දිනය නිමිත්තෙන් ඇමති ජෝන් අමරතුංග මහතා එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත විශේෂ පණිවිටයක් නිකුත්කර තිබේ.
ලෝක උපත් ආබාධ දිනයද අදට යෙදි තිබේ. උපත් ආබාධ යනු උපතේදීම දරුවා තුළ දක්නට ලැබෙන ගැටඵවකි. සෑම වසරකදීම මෙරට උපත් ආබාධ සහිත දරුවන් 5800 දෙනෙකු උපදින අතර ඉන් 650 දෙනෙක් වසරකට අඩු කාලයේදී මිය යති. 200 දෙනෙක් ඉතා දරුණු උපත් ආබාධ සහිතව ජිවිත කාලයපුරා පිඩා විදිති. උපත් ආබාධ පිළිබඳව මහජනතාව අතර දැනුම වැඩි කිරීමත් . පර්යේෂණ වැඩි කිරීමත් නිවාරණයත් එවැනි දරුවන්ට අවශ්‍ය රැකවරණය ලබාදීමත් ප්‍රමුඛ අවශ්‍යතාවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති

++++

මධ්‍යම පරිසර අධිකාරියේ අනුග්‍රහයෙන් ජාතික ගුවන් විදුලිය ඉදිරිපත් කරන සොබාකෙත පරිසර වැඩසටහන අද සිට සෑම ඉරිදා දිනකම පෙරවරු 8.00 සිට වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය කෙරේ. පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබාදී ඇති උපදෙස් අනුව පරිසර සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එම වැඩසටහන ප්‍රචාරය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *