බලය බෙදාහැරීමට ප්‍රමුඛතාව දි ඒ පිළිබඳ සංශෝධන සිදුකරන්නේ නම් ඊට සහාය දෙන බව ඇමති රාවුෆ් හකීම් මහතා පවසයි

Share Button

බලය බෙදාහැරීමට ප්‍රමුඛතාව දි ඒ පිළිබඳ සංශෝධන සිදුකරන්නේ නම් ඒ සඳහා මුස්ලිම් කොන්ග්‍රසය සහයෝගය දෙන බව ඇමති රාවුෆ් හකීම් මහතා පවසයි. පක්ෂ නායක රැස්විමේදි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බව හෙතෙම කියයි. අනුරාධපුර ප්‍රදේශයේ හඳුනා නොගත් වකුගඩු රෝගය වැලැක්වීමේ අරමුණින් ඉදිකරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන හා කාපට් අතුරා සංවර්ධනය කල මාර්ග ජනතා අයිතියට පත්කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කීවේය. මෙම අවස්ථාවේ හොඳම විසඳුම දීපව්‍යාප්ත මැතිවරණයකට ගොස් ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපිත කිරිම බව හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *