ඉදිරි මාස කිහිපය තුල තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රතිඵල ජනතාවට දැකගැනීමට හැකිවනු ඇතැයි අගමැතිවරයා පවසයි.

Share Button

ඉදිරි මාස කිහිපය තුල තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රතිඵල ජනතාවට දැකගැනීමට හැකිවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය බිංගිරියේදී ආරම්භ කිරිමේ අවස්ථාවට අද එක්වෙමිනි. කර්මාන්ත ශාලා ඇතිකරමින් රට දියුණු කිරීමේ ප්‍රතිපත්තිය මත වත්මන් රජය කටයුතු කරයි.

ලෝකය සමග තරග කිරිමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රට දියුණු කිරීමට හැකි බව අගමැතිවරයා සඳහන් කලේය. තමන්ට අවශ්‍ය රට සහ ජනතාව පොහොසත් බවට පත්කිරීම බවත් ව්‍යාජ දේශප්‍රේමිත්වයක් පෙන්වා ජනතාව මුලා කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත්. අගමැතිවරයා කිවේය.

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා රට ඉදිරියට යාමට නම් අපනයන ආදායම වැඩිකර ගතයුතු බව කීවේය. රජය අපනයන කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගෙන තිබේ. එබැවින් අපනයන හා ආයෝජන තුලින් රට ඉදිරියට ගෙනයාමට රජයට හැකි බව ඔහු පැවසීය.
මෙම අවස්ථාවට එක්වු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රි ලංකාව තුල මෙවැනි කර්මාන්ත ඇතිකිරිම මගින් වැඩි විදේශ විනිමයක් උපයාගැනිමට අවස්ථාව උදාවන බව කීවේය.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් අදියර තුනක් යටතේ සිදු කෙරේ. සමස්ත සංවර්ධන ක්‍රියාදාමය වසර 08 ත් 12 ත් අතර කාලසිමාවක් තුළ මුඵ්මනින්ම නිම කිරිම ඉලක්කයයි .නව අපනයන සැකසුම් කලාපයේ සෘජු විදේශ ආයෝජන. අපනයනය හා රැකියා උත්පාදනය මගින් ආර්ථිකය ශක්තිමත් කිරිමට විශාල දායකත්වයක් ලැබෙනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *