රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අත්අඩගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී තිබේ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *