කාන්තාවන්ට හිමිවී ඇති අවස්ථා ප්‍රමානවත් නැහැ

Share Button

පසුගිය වසරේ පළාත්පාලන ඡන්ද විමසීමේදි කාන්තා නියෝජනය සියයට 25 ක් තෙක් ඉහළ නංවා ගැනිමට හැකිවීම කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහනයක් බව කැළණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය පවසයි.

ලබන 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවයේ කාන්තා වැඩසටහන් අංශය සංවිධානය කළ කුමාරතුංග මැදිරියේ පැවති විද්වත් කථිකාවට එක්වෙමින් කථාකාචාර්යවරිය ඒ බව පැවසුවාය.

අතිතයේ සිට වර්තමානය දක්වා කාන්තාව තම අයිතිවාසකම් ලබාගත්තේ අරගල තුලින් බව සිවිල් සමාජ ක්‍රියාකාරිනි කුමුදුණි සැමුවෙල් මහත්මිය එහිදි පෙන්වා දුන්නාය. පවතින දේශපාලන සංස්කෘතිය වෙනසකට ලක්කිරීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය ප්‍රමානවත් නැතැයි ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය කථිකාවට එක්වෙමින් සඳහන් කලාය.

සමස්ත දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ සැලකිමේදී කාන්තාව ඊට සම්බන්ධ කලේ ද යන්න පිළිබඳ ගැටඑවක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රිපාලි මණ්ඩපයේ ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රි රංජන් මහතා ප්‍රකාශ කලේය.

පවුලේ න්‍යෂ්ටිය කාන්තාව වන බැවින් කාන්තාව නොමැතිව පවුල විසිරී යාමේ ප්‍රවනතාව වැඩි බව හෙතෙම අවධාරණය කලේය. පුරුෂයින් මෙන්ම කාන්තාවට ද සමාන අවස්ථා ලබාදිය යුතු බව කථිකාවට එක්වෙමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ආචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය සඳහන් කලාය.

දේශපාලනයේ නිරත කාන්තා චරිත සැලකීමේදී ඇගේ පවුල් පසුබිම පිළිබඳ දැඩි අවධානයක් යොමුවන බව කාන්තාව හා මාධ්‍ය සාමුහිකත්වයේ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය පැවසුවාය.

මෙවැනි දිනවලදී පමණක් කාන්තාවන්ට ජනමාධ්‍ය තුලින් අවස්ථාව ලබාදෙන බව එහිදි ඇය අවධාරණය කලාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11