අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කලාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Share Button

අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව අනුමැතිය හිමි වූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

එමෙන්ම ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සෙන්පතිවරුන්ට ඉමහත් ශක්තියක් වූ මෙම සටන් කලාව ආරක්ෂා කිරීමට සහ එහි උන්නතිය වෙනුවෙන් අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශයේ ඊයේ (06) දින පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *