පකිස්තාන සුපර්ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 8 පකිස්තානයේදී

Share Button

නියමිත පරිදි පකිස්තාන සුපර්ලිග් ඕවර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 8 පකිස්තානයේ කරච්චි හිදි පවත්වන බව පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරයි. මීට පෙර ලාහෝර් හිදි මෙම තරග පැවැත්වීමට නියමිතව තිබුණි. ලබන 09 වැනිදා සිට 17 වැනිදා දක්වා පකිස්තාන ජාතික ක්‍රිඩාංගනයේ මෙම තරග පැවැත්වේ. කෙසේ වුවත් ජාත්‍යන්තර ක්‍රිඩකයන් කිහිප දෙනෙකුම පවතින තත්වය හමුවේ තරගාවලියට එක්වීම සැකසහිත බව වාර්තාවෙයි. ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්ද මේ වනවිට කරච්චි බලායාම අවිනිශ්චිත බව කියයි. මීට පෙර දකුණු අප්‍රිකාවේ ඒ. බී ඩිවිලියස් තමන්ට ඇති වු ආබාධ තත්ත්වයක් හේතුවෙන් පකිස්තානයේ පැවැත්වෙන තරග සදහා සහභාගී විය නොහැකි බව දැණුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *