හෙට දිනයේ පැවතිය හැකි උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

Share Button

උතුර. උතුරුමැද හා නැගෙනහිර පළාත්වලත් පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ පැවැතිය හැකි දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. එහිදී ක්‍රියා කළයුතු ආකාරයන් කිහිපයක්ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වැඩබිම් තුල සිටීනම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම අවශ්‍ය වෙයි. සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගතයුතුය. නිවෙස් තුළ වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානය යොමුකළ යුතුය. කුඩා ළමුන් වාහන තුළ තනියම රදවා නොයන්නැයි ඉල්ලීමක් කෙරේ. එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළයුතුය. ශරීරයට දැනෙන තද උෂ්ණත්වයක් පවතී නම් එය ඉතා අනතුරුදායකය. එහිදී ශර්ීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපනවීම නිසා ආඝාත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ මට්ටමක් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *