සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරයේ නඩුවක් ගොනු කෙරේ

Share Button

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරයේ නඩුවක් ගොනු කෙරේ. මානව හිමිකම් නීතිඥවරුන් එම නඩුව ඉදිරිපත්කර ඇත. සිරියානු සරණාගතයන් 28 දෙනෙකුගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඔවුහු මේ වන විට ජෝර්දානයේ ජීවත් වෙති. 2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවු අපරාධ පිළිබදව පරීක්ෂණ සිදු කරන ලෙසද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත්වී ඇත. එම යුද්ධයෙන් තුන්ලක්ෂ හැට දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුහ. තවත් මිලියන ගණනක් අවතැන් වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *