PayMaster වෙතින් මොබයිල් රීලෝඩ් සහ ගෙවීම් කටයුතු සඳහා පෙරළිකාර හඳුන්වාදීමක්

Share Button

PayMaster Solution (pvt) Ltd. විසින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකතන යෙදුම (Mobile application ) PayMaster App හඳුන්වාදීමේඋත්සවය පසුගිය දා කොළඹදී මාධ්‍ය ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්විණි.

ශ්‍රීලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන්නන් වෙනුවෙන් දියත් කෙරුණු පෙරළිකාර හඳුන්වාදීමක් වන PayMaster App එක හරහා ජංගම දුරකතන බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීමේ පහසුව පාරිභෝගිකයින්හට හිමිවේ.

මුදල රහිත ගනුදෙනු (Cashless Society ) සිදුකරන සමාජයක් කරා ගමන් කිරීමේදී PayMaster වැන ජංගම දුරකතන යෙදුම් ඉතා වැදගත් කාර්යභාරයක් සිදුකරන අතර මේ හරහා දැනට පවතින මූල්‍ය ක්‍රමය සම්බන්ධ ගැටලූ වළක්වා ගනිමින් වඩාත් කාර්යක‍ෂම ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට හැකිවේ.

එමෙන්ම, මෙම PayMaster App එක ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක නිසා ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ එදිනෙදා ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබෙන අතර එහි කාර්යක්ෂම බව නිසා කාලයත් මුදලූත් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව මෙම අවස්ථාවට සහභාගීවූ PayMaster අධ්‍යක‍ෂසහ සම-නිර්මාතෘ, රන්සික ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11