වින්ඩෝස් ටෙන් පරිශීලකයින් මිලියන 800 ඉක්මවයි

Share Button

වින්ඩෝස් ටෙන් මෙහෙයුම් පද්ධතිය මේ වන විට ලොව පුරා පරිශීලකයින් මිලියන 800 කට අධික සංඛ්‍යාවක් භාවිත කරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් ආයතනයේ සාර්ථකම නිෂ්පාදනය බවට වින්ඩෝස් ටෙන් මෙහෙයුම් පද්ධතිය පත්ව ඇති බව එම ආයතනයේ සභාපතිවරයෙකු වන යුසුෆ් මෙහෙදි මහතා පැවසීය.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ඉතිහාසයේ මෙවැනි දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට සහයෝගය දුන් පාරිභෝගිකයින්ට තම ස්තූතිය පළ කරන බව ඔහු ට්විටර් පණ්විඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 2015 වසරේ ජූලි මාසයේදී වින්ඩෝස් ටෙන් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *