තම භූමිය කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදි ක්‍රියා සදහා පාවිච්චි කිරිමට ඉඩ ලබා නොදෙන බව පකිස්තාන අගමැති කියයි

Share Button

තම රට කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදි කටයුතු සදහා තම භූමිය පාවිච්චි කිරිමට ඉඩ ලබා නොදෙන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. එවැනි කටයුතු රටේ ආර්ථික සංවර්ධනයට විශාල බාධාවක් වෙයි. මෙය නව පකිස්තානයක් බවත් නව යුගයක් උදා වී ඇතිබවත් ඔහු කියා සිටි .

තමා රට වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ වැඩි විදේශ ආයෝජනයි. තම ඉලක්කය පකිස්තානය සෞභාග්‍යයෙන් යුත් රටක් වනු දැකිමයි. එහිදි ස්ථිර සාමයක් ඇති කිරිමද අත්‍යවශ්‍ය කටයුත්තක් සේ සලකා ක්‍රියාකරන බව ඔහු කියා සිටි. තම රජය කිසිදු අවස්ථාවක කිසියම් හෝ ආයුධ සන්නද්ධ කණ්ඩායමකට ආධාර නොදෙන බව අගමැතිවරයා ඊයේ පැවති ජනරැළියකදී පැවසිය .

සාමය සම්බන්ධයෙන් තමාගේ දැඩි වුවමනාව හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දිය ගුවන් නියමුවා පවා කඩිනමින් එරටට ලබාදුන් බව ඔහු කිවේය. මෙය තමන් ඉන්දියාවට දුන් පණිවිඩයක් බව ද ඔහු සදහන් කළේය. . පුල්වාමා ප්‍රදේශයේදි ඉන්දිය හමුදා භට පිරිසකට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයට තම රට උපරිම සහයෝගය ලැබේ.

රටේ සියලුම දේශපාලන පක්ෂ ජාතික ක්‍රියාකාරි සැලැස්මක් සකස් කිරිමට ද එකගතාව පළ කර තිබෙ.් එහිදි කිසිදු ආයුධ සන්නද්ධ කණ්ඩායමකට සහායක් නොදිමට තීරණය කර ඇත. දකුණු ආසියානු කලාපයේ බහුතරය දුගීභාවයෙන් පෙළේ. රටක නායකයින් විසදුම් සෙවිය යුත්තේ එවැනි දේ සදහා බව පකිස්තාන අගමැතිවරයා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *