පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතිකයක්

Share Button

පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කිරිමට පොල් සංවර්ධන අධිකාරිය සූදානම් වෙයි. ඒ යටතේ රසායනාගාර පර්යේෂණයකින් අනතුරුව ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් සදහා ලේබලයක් ඇලවේ.

පොල්තෙල් කර්මාන්තය නියාමනය කිරිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ මහතා පවසයි. අපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන සම්බන්ධයෙන් 0112 50 25 01 යන දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

එවැනි නිෂ්පාදකයන්ට එරෙහිව නිතිමය පියවර ගැනෙ.් භාවිතයට නුසුදුසු පොල්තෙල් අලෙවි කළ පුද්ගලයන් 60 දෙනෙුට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන ඇත. උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලිම් ද ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *