එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ගමට වැඩසටහන අද දවස පුරා කඵතර දිස්ත්‍රික්කයේ දී

Share Button

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත ගමට වැඩසටහන අද දවසපුරා කලුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මැතිඇමතිවරු හා ප්‍රදේශයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයෝ මේ සදහා සහභාගි වී සිටිති.

පානදුර තොටවත්ත ග්‍රාමයේ පැවති පළමු රැස්වීමට සහභාගි වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 5 තුල රට වේගවත් දියුණුවක් කරා ගෙන යන බවත් සියලු ජනතාවට එක් විය හැකි ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් කීවේය.

මෙම රැස්වීමට රවි කරුණානායක . පාඨලී චම්පික රණවක . නවීන් දිසානායක . වෛද්‍ය රාජිත සේනාරත්න . අකිල විරාජ් කාරියවසම් . ලක්ෂ්මන් කිරිඇල්ල . කබීර් හෂීබ් . අජිත් පී පෙරේරා යන ඇමතිවරු සහභාගි වුහ.

සිරිකොත ගමට වැඩසටහන යටතේ හොරණ නගරයේ වැඩසටහනට සහභාගි වු ඇමති චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සදහන් කළේ පවතින අඩුපාඩු හදුනා ගැනීමට හැකි වු අතර ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමට ක්‍රියා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රහණයේ රැල්ල අද කථතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *