මාධ්‍ය ඇමති ගුවන් විදුලියේ නිළ සංචාරයක

Share Button

රාජ්‍ය ආරක්ෂක  අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ගුවන්විදුලි සංස්ථාව වෙත අද (11 ) පැමිණියේය.

ඒ මහතා  අමාත්‍ය ධූරයට පත් වීමත් සමඟ නිළ වශයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර ගුවන් විදුලි ඉතිහාසය කියාපාන කෞතුකාගාරය විවෘත කිරීම ද අද සිදු විය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී ලංකා  ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි වැඩ කටයුතු නව දැක්මකින් යුතුව සිදු කරගෙන යාමට තම පූර්ණ දායකත්වය සපයන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සේවක පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී පවුලකින් පැවත එන තමන් ජනමාධ්‍ය වේදීන්ගේ අවශ්‍යතා සහ ජනමාධ්‍ය භාවිතය පිළිබඳ අවබෝධයකින් පසුවන හෙයින් නූතන තාක්ෂණය එකතු කර ගනිමින් ඩිජිටල් කරණයට පා තැබීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි. එම්.ෆාරුක් මහතා,  අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා ඇතුළු සේවක සේවිකාවන් රැසක් සහභාගී වූ අතර අමාත්‍යාංශ නිළධාරීන් ද සහභාගී වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *