නව තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව තවත් වැඩිදියුණු කරන බව බව කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා පවසයි

Share Button

නව තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව තවත් දියුණු කරමින් රටටත් ජනතාවටත් සේවකයින්ටත් ඵලදායි ආයතනයක් බවට පත් කිරිම තම අපේක්ෂාව බව කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මේ සදහා සියලුම සේවකයන්ගේ අදහස් සහ සහභාගිත්වය ලබා ගනිමින් ඉදිරියේදි ක්‍රියා කරන බව අද සංස්ථාවේ නිරික්ෂණ චාරිකාවක යෙදිමෙන් අනතුරුව සේවක පිරිස අමතමින් ඇමතිවරයා පැවසිය.

තමා කුඩා කාලයේ ගුවන්විදුලියෙන් මුවන්පැලැස්ස වැනි වැඩසටහන් වලට සවන්දිමෙන් ලැබු අත්දැකිම් සිහිපත් කළ ඔහු ජාතික ගුවන්විදුලියට අභියෝග ජය ගනිමින් ඉදිරියට පුඵල් සේවාවක් තවදුරටත් ඉටු කිරිමේ හැකියාව ඇති බව පෙන්වා දුන්නේය.
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි එම්. ෆාරුක් මහතා පැවසුවේ සංස්ථාවේ කාර්ය මණ්ඩලය සුහදශිලිව එකමුතුව කටයුතු කරන ආකාරය ආදර්ශයක් බවයි.

ප්‍රාදේශිය සේවා ම ධ්‍යස්ථාන ද දියුණු කිරිමට ක්‍රියා කෙරේ. නව ඩිජිටල් තාක්ෂණය සමග ගුවන්විදුලි මාධ්‍ය ඉදිරියට යාමේ වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇතැයි ද සභාපතිවරයා පැවසිය
අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ අභියෝග රැසකටද මුහුණ දෙන ගුවන් විදුලි සංස්ථාව ඒවා සාර්ථකව ජය ගනිමින් සිටින බවයි. සංස්ථා භූමියේ පිහිටි ාෙගඩනැගිල්ලක් අංග සම්පුර්ණ රංග ශාලාවක් ලෙස සංවර්ධනය කිරිමට චීන ආධාර ලබාගැනිමට ක්‍රියා කෙරේ.

සංස්ථාවේ කටයුතු නව තාක්ෂණය සමග ඉදිරියට පවත්වාගෙන යාම පිණිස 2015 න් පසු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙ.් මැදිරි නව තාක්ෂණය සමග දියුණු කිරිම ඉන් ප්‍රධාන තැනක් ගනි.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවෘත්ති සුජිව සම්පත් මහතා අදහස් පළ කරමින් ජනමාධ්‍යයට වඩාත් සුදුසු අමාත්‍යවරයෙකු පත් වී සිටින මෙම අවස්ථාවේදි එමගින් සංස්ථාවට විපුල ප්‍රයෝජන අත්කරගත හැකි බව පෙන්වා දුන්නේය සංස්ථා කෞතුකාගාරයද අමාත්‍යවරයා විසින් විවෘත කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11