මධුෂ්ගේ පියාගේ අවමංගල කටයුතුවල විඩීයෝවක් හමුවෙයි

Share Button

ඩුබායි පොලිසියේ අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ්ට අයත් රාවතාවත්ත සොයිසා පාරේ පිහිටි නිවසේ තිබී ඔහුගේ පියාගේ අවමගංල්‍ය කටයුතුවල දර්ශන අඩංගු සී. ඩී තැටියක්ද සොයා ගත් බව පොලිසිය පවසයි.

රුපියල් කෝටි 300 කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රූම් 170 කට වැඩි ප්‍රමාණයක්ද එහිදී ඊයේ අත්අඩංගුවට ගැණින. පිස්තෝලයක් සහ ටී 56 උණ්ඩ 3000 කට අධික සංඛ්‍යාවක් ද සැකකරුවෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට පත්වුහ.

මෙම නිවස පාතාල ජාවාරම්කරුවන්ගේ ආයුධ ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරිී නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *