ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගය අද

Share Button

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සිව්වන එක්දින තරගය ෆෝට්එළිසබත් හිදි දිවා රාත්‍රී තරගයක් වශයෙන් අද පැවැත් වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලා ඉදිරි තරග දෙකටද සහභාගි නොවන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහුගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවීම එයට හේතුවයි. ඒ අනුව ඔහු වෙනුවෙන් පළමු තරග තුනට සහභාගි වූ රීසා හෙන්ඩ්‍රික්ස් ඉදිරි තරග දෙකට ද සහභාගි වීමට නියමිතයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග 3 ම ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විට එක් දින ශූරතාවලිය ජයගෙන සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *