කච්චතිව් දේව මංගල්‍යය ලබන සෙනසුරාදා

Share Button

කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දෙවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මේ මස 16 වැනි දින අති උත්කර්ශවත්ව පැවැත්වීමට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සුදානම් වෙයි.

එම කටයුතු සඳහා මෙවර ද යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම්වරයාට අවශ්‍ය පහසුකම් සැලසිමට නාවික හමුදාව කටයුතු කරයි. මංගල්‍යයට සහභාගි වන බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය. සනීපාරක්ෂක පහසුකම්. කූඩාරම්. ආදි පහසුකම් සැලසිම මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනාගැනිම සහ තාවකාලික ගිලන් හලක් ඉදිකිරිමට ද නාවික හමුදාව සැළසුම් කරයි. දේවස්ථානය අවට සහ මංමාවත් පිරිසිඳු කිරිමට ද කටයුතු කෙරේ.

පසුගිය වසරේ එම දේවමෙහෙය සඳහා ඉන්දිය සහ ශ්‍රි ලාංකීක කතෝලික බැතිමත්හු දස දහසකට ආසන්න පිරිසක් සහභාගි වුහ. මේ වසරේදී ද විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *