අයවැය දෙවන වර කියවිම වැඩි ඡන්ද 43 කින් සම්මතයි

Share Button

2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණි. එක්සත් ජාතික පෙරමුණේ සහ ද්‍රවිඩ ජනතා සංධානයේ මංත්‍රීවරුද ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හා මුත්තු ශිවලිංගම් යන මහත්වරු ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර එම පක්ෂයේ තවත් පිරිසක් ඡන්ද විමසන අවස්ථාවේ සභා ගැබෙහි නොසිටිය හ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඡන්දය දීමෙන් වැලකී සිටි බව පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

රටේ සමස්ථ ජනතාව ආණ්ඩුවේ යැපෙන්නන් බවට පත්කිරීමේ උවමනාවක් රජයට නැති බවත්. ස්වාධීනව ගොඩනැගෙන පරිසරයක් ඇති කිරිමට උත්සාහ කරන බවත්. අමාත්‍ය මංගල සමරවිර මහතා අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ පිළිතුරු කථාව කරමින් ඊයේ පාරලිමේන්තුවේදී පැවසීය.

මෙරට ගොවියා ජාත්‍යන්තර වෙළඳපලේ ව්‍යවසායකයකු බවට පත් කරන බව සඳහන් කළ සමරවීර මහතා කෘෂිකර්මාන්තයේ දියුණවට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 87 ක් වෙන් කර ඇති බවද පැවසීය. මේ මාස දෙක තුළදී රුපියලේ අගය සියයට 2 යි දශම 5 කින් වැඩිවිය.

නවතා තිබු රාජ්‍ය සේවකයින්ට ලබාදුන් වාහන ගෙන්වීමේ බලපත්‍රය මැයි පලමුවැනිදා සිට නැවත ක්‍රියාත්මක කෙරේ. වසර තුනක් තුළ සේවක වැටුප සියයට 108 කින් ඉහල දැමිමට රජය කර ඇත. වසර 09 ක් තුළ ආර්ථිකය බිඳ දැමූ ආර්ථික ඝාතකයින් දින 51 කුමන්ත්‍රණයේදී යලිත් ආර්ථිකය ඝාතනය කළ බව සමරවීර මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *