සංශෝධනය වූ ඉන්ධන මිල

Share Button

ඊයේ  (12)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 3කින් ද ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව  ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද , ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 1කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.

සංශෝධනය වූ මිල ගණන් මෙසේය.

ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 159 ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 104 ක් වේ. සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 134 ක් ලෙස සටහන් විය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *