අභියෝග මධ්‍යයේ විශිෂ්ට අයවැයක් – හිටපු මුදල් ඇමති රොනි ද මැල්

Share Button

මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්විට විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමතිවරයෙකු වන රොනි ද මැල් මහතා කියයි . දුෂ්කරතා අභියෝග රැසක් මධ්‍යයේ රටේ අනාගත අභිවෘද්ධිය සහ ජනතාවට සහන සැලසිම වෙනුවෙන් මුදල් ඇමතිවරයා මෙවර ඉදිරිපත් කර ඇත්තේ අතිශය සුබවාදි අයවැයකි.

එමනිසා එහි අඩුපාඩු ඇතැයි පැවසිම නුසුදුසු ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි. අයවැය ලේඛණ 11 ක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් ඇමතිවරයෙකු ලෙස තමා මෙතෙක් තබා තිබෙන ඵෙතිහාසික වාර්තාව සම කිරිමට මෙවැනි අයවැය ලේඛණ ඉදිරිපත් කිරිම මගින් වත්මන් මුදල් ඇමතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ද රොනි ද මැල් මහතා විශ්වාසය පළ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *