ස්වාධින කොමිෂන් සභා පිහිටුවිම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බව අගමැති කියයි

Share Button

වර්තමානයේදි පාර්ලිමේන්තුව ශක්තිමත් ස්ථානයක් බවට පත් වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුව ඇත්තේ ජනතා වරම අනුව ක්‍රියා කිරිමටය. අප වගකියන්නේ ඡන්දදායකයාට පමණි ශ්‍රේෂ්ඨාධීකරණය ස්වාධින බව පෙන්නුම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනුයේ ව්‍යවස්ථාදායකය ආරක්ෂා කිරිමටය. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදි අගමැතිවරයා මේ බව කිවේය. අයවැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡා එහිදි ඇරඹිණි. ජනාධීපති . අගමැති කාර්යාල. උපරිමාධිකරණ. අමාත්‍ය මණ්ඩල කාර්යාල . පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභව ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුඵ ආයතන 25 ක වැය ශිර්ෂ අද සාකච්ඡාවට ගැනේ.

එහිදි තවදුරටත් අදහස් දැක් වු වික්‍රමසිංහ මහතා සදහන් කළේ කොමිෂන් සභා පිහිටවනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට බවයි. පොලිසියට මත්ද්‍රව්‍ය මැඩලිම සදහා ක්‍රියා කිරිමට හැකිවුයේද පොලිස් කොමිසම හේතුවෙනි.

මෙරටේ සීඝ්‍ර සංවර්ධනයක් දැන් උදා වී තිබෙ කර්මාන්ත කලාප පිහිටුවිමට ක්‍රියා කර ඇත. මෙරට දෙවන තෙල් පිරිපහදුව හම්බන්තොට ආරම්භ කෙරේ. ජනතාව සිටින්නේ රජය සමග බව ද ඔහු කිවේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *