ප්‍රධාන රෝග තුනක් සඳහා වන ඖෂධ කඩිනමින්

Share Button

හෘදයාබාධ , දියවැඩියාව සහ හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ඉක්මනින් ගෙන්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව හෘදයාබාධ සහිත රෝගීන්ට ලබා දෙන එන්නත් ටෙනෙක්ටිප්ලේස් 10000 ක් දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් එන්නත් අට ලක්ෂ පනස් දහසක් හිමොෆීලියා රෝගීන්ට ලබා දෙන තවත් එන්නත් පනස් දහසක් මිලදී ගැනීමට නියමිතයි .

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *