ශ්‍රි ලංකාව සමග පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 06 ක ජයක්

Share Button

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත්හිදී ඊයේ පැවැති සිව්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුඵ 6 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රිි ලංකා කණ්ඩායම පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ සියලු ක්‍රිඩකයින් දැවි ලකුණු 189 ක් රැස්කලේය. ඉසුරු උදාන රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 කි. පිලිතුරු ඉනිම ක්‍රිඩාකළ දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 32 යි පන්දු 5 කදී කඩුඵ 4 කට ලකුණු 190 ක් ලබා තරගය ජයග්‍රහණය කළේය. කුයින්ටන් ඩි කොක් ලකුණු 51 ක් ලබා ගත්තේය. ධනංජය සිල්වා කඩුඵ 3 ක් දවා ගැනීමට සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *