මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනත් විවෘතයි

Share Button

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තීරණයේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මූලික කරගෙන සිදු වේ.

ඊට අනුකූලව සතියේ දින 5 හේ මෙන් සෙනසුරාදා දිනත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම, රියදුරු බලපත්‍ර සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම , පරීක්ෂණ පැවැත්වීම ආදී සේවාවන් සැපයේ .

එහි දෙවන අදියර යටතේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලද මාර්තු 23 වනදා සිට සෑම සෙනසුරාදාවකම විවෘතව තැබෙනු ඇත.

] ප්‍රවාහන ක්ෂේත්‍ර සේවාවන් වඩා කාර්යක්ෂම හා ගුණාත්මක බවින් යුතුව ජනතාවට ලබා දීම මෙම ක්‍රියාවලියේ අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *