ඇදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට කොළඹදී

Share Button

ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදින්ට නිල වශයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උළෙල හෙට පෙරවරු 10.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත ආයතනවල වසර තුනක සේවා කාලයක් ඇති පුර්ණ කාලීන හෝ අර්ධකාලීන මාධ්‍යවේදීන්. නිදහස් මාධ්‍යවේදීන්. ප්‍රාදේශිය මාධ්‍යවේදින් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙනවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. මෙහිදී උපාධි හා පශ්චාද් උපාධිය හැදැරීම සදහා මෙතෙක් ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල මෙවර රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩිකර තිබේ. ජනමාධ්‍යවේදින් 109 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *