නීතී විරෝධී ලෙස ක්‍රියා කල ධීවර පිරිසක් අත් අඩංගුවට

Share Button

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අනුයුක්තව රාජකාරි කළ නාවිකයින් පිරිසක් සින්නපාඩු ප්‍රදේශයේ දී සිදු කළ මෙහෙයුමකදී මේ පිරිස අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඩිංගි යාත්‍රා 04ක් ද නාවික හමුදාව බාරයට ගෙන තිබේ.

මොවුන් සින්නපාඩුව, මදුරන්කුලිය සහපල්ලියවාසලපාඩුව යන ප්‍රදේශයන් හී පදිංචිකරුවෝ වෙති.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂණ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සිදු කරනු ලබයි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *